(උපදෙස් - ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන)
‘‘ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ’’ කියල කතාවක් තියෙනවනෙ. ලෙඩට බෙහෙත් ගැනීමත් මේ වගේ තමයි. ලෙඩක් හොඳවෙන්න බෙහෙත් ගන්න ඕනෑ වගේම එය නියමිත ප්‍රමාණයට වඩා ගැනී ලොඩඩ් වැඩි වෙන්න විතරක් නෙවෙයි මියයන්න වුණත් හේතුවෙන්න පුළුවන්.
ජාත්‍යන්තර අධි මාත්‍රා පිළිබඳ දැනුවත් කිරීමේ දිනයත් අගෝස්තු මස 31 වැනිදාට යෙදී තිබුණා. මේ සටහන මාත්‍රාව දැනගෙන බෙහෙත් ගන්න විදිය සහ නොගත්තොත් වෙන දේ ගැනයි.
ඇල්කොහොල් අඩංගු පාන වර්ගයක් අධි මාත්‍රාවෙන් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මීට සති දෙකකට පමණ ඉහතදී කළුබෝවිල රෝහලට සරසවි සිසුන් පිරිසක් ඇතුළත් කර තිබුණා. එහිදී දැඩිව රෝගාතුරව සිටි සිසුන් කීපදෙනෙක්ම දැඩි සත්කාර ඒකකයට යොමු කළ අතර එක් සිසුවකු එහිදී මියගොස් තිබුණාග ඔහු ඉංජිනේරු විෂය හදාරන සිසුවෙක්.
මේ එක් සිදුවීමක් පමණයි. මෙවැනි සිදුවීම් දවස පුරා රටපුරාම සිදුවීම අවාසනාවක්. විශේෂයෙන්ම නොදැනුවත් බව හේතුවෙන් අධි මාත්‍රාවෙන් ඖෂධ සහ මත්ද්‍රව්‍ය ගැනීම නිසා සිදුවන මරණ දිනෙන් දින ඉහළ යමින් තිබීමද සැලකියයුතු තත්ත්වයක්.
බෙහෙත් බොන විදිය හරිද?
යම් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා යා යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත පමණයිග එම වෛද්‍යවරයා විසින් ඖෂධ ලබාදෙන්නේ ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම වෛද්‍යවරයා ඖෂධ දමන කවරයේ එම ඖෂධ ගත යුතු නිවැරදි පිළිවෙළ සටහන් කරයි. ඔබ නිවෙසට පැමිණි පසු ඖෂධ ගත යුත්තේ එම පිළිවෙළ අනුව පමණක් ම වන අතර මාත්‍රාවද හිතුමනාපයට අඩු වැඩි නොකළ යුතුයි.
රෝගය උත්සන්න වුණොත්
රෝගය උත්සන්න වුවහොත් කළ යුත්තේ ලබා දී ඇති ඖෂධ මාත්‍රා වෙනස් කරමින් ගැනීම නොව නැවත වෛද්‍යවරයා හමුවීමයි.එහෙත් මවුවරු නිතර කරන වරදක් නම් දරුවාට උණ සෑදී ඇති විට හිතුමනාපයට පැරසිටමෝල් ලබාදීමයි. කිසිවිටෙකත් එය නොකළ යුතු අතර නියමිත පැය ගණන ගතවනතෙක් නැවත ඖෂධ මාත්‍රාවක් ලබාදීම රෝගය සුවවීමට වඩා වෙනත් සංකූලතා ඇති කළ හැකියි.
පැරසිටමෝල් හොඳයි - නරකයි
නියමිත මාත්‍රාවට වැඩියෙන් පැරසිටමොල් පානය කර වසරකට විසිදහසක් පමණ රොහල්වෙත පැමිණෙනබව ඔබ දැන සිටියාද? එයින් 80 ක් පමණ සිය දිවි හානි කර ගැනීමේ චේතනාවෙන් පැරසිටමෝල් පානය කළ පිරිස් වන අතර අනෙක් පිරිස වැරදීමකින් හෝ අතපසුවීමකින් පැරසිටමෝල් අධි මාත්‍රාවෙන් ලබාගත් පිරිසයි.
පැරසිටමෝල් අධි මාත්‍රාවෙන් පානය කළ අයෙකුට එක්වරම මරණය හිමි නොවන අතර ඉතා ඉතා වේදනාකාරී මරණයක්ග ඊට හේතුව පැරසිටමෝල් අධිකව ශරීරගත වූ පසු අක්මාව ඉතා වේගයෙන් විනාශයට පත්වන අතර එම තත්ත්වය ඉතා වේදනාකාරීවීමයි.
එමෙන්ම මවුවරු කුඩා දරුවන්ට මාත්‍රාව වෙනස් කර ලබාදීමෙන් ද මරණ වාර්තාවීම තවත් අවාසනාවන්ත තත්ත්වයක්.
පැරසිටමෝල් දෙන හරි විදිය
ඔබට හෝ දරුවාට උණ හෝ වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයා හමුවට ගිය පසු ඔහු ලබාදෙන ඖෂධ අතර පැරසිමෝල් ඇත්දැයි සහ පිටතින් පැරසිටමෝල් ගත යුතුදැයි අසා දැනගන්න. යම් හෙයකින් එම ඖෂධ අතර පැරසිටමෝල් තිබියදී ඔබ පිටතිනුත් ලබා ගතහොත් එය අධි මාත්‍රාවක් විය හැකියිග සංකූලතා ඇති කළ හැකියි.
කිසිම විටෙක වෛද්‍යවරයා සඳහන් කළ ආකාරයට මිස නියමිත වෙලාවට අමතරව පැරසිටමෝල් ගැනීමද අහිතකරය. උදාහරණයක් විදියට පැරසිටමෝල් දුන් පසුවත් දරුවාගේ උණ අඩු වී නැතිනම් නැවතත් මාත්‍රාවක් ලාබදීම සමහරවිට මාරාන්තික තත්ත්වයක් දක්වා වුවද බරපතළ විය හැකිබව සිහි තබාගන්න.
පෙතිවලට වඩා සුදුසු ඉන්හේලර්
ඇදුම රෝගීන්ට සුදුසම සහ සංකූලතා අවම ප්‍රතිකාර ක්‍රමය ලෙස ලොව පිළිගැනීමට ලක්ව තිබෙන්නේ ඉන්හේලර් භාවිතය යි. එහිදී ඖෂධ ගමන් කරන්නේ පෙණහලුවල නාළ ඔස්සේ පෙණහලුවලට පමණක් බැවින් එය සිරරට හානිකර නැහැ. එහෙත් ඇදුම රෝගයට දීර්ඝකාලීනව පෙති ගැනීම එතරම් හිතකර තත්ත්වයක් නොවෙයි. ඊට හේතුව එම ඖෂධ රුධිරය සමග මුළු සිරුර පුරාම ගමන් කිරීමයි.
මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය
මත්පැන් සහ මත්ද්‍රව්‍ය කුමන මාත්‍රාවකින් වුව ගැනීම සිරුරට ඉතා අහිතකර අතර අධි මාත්‍රාවෙන් ලබා ගැනීම මරණය පවා ඇති කරවයි. අද පාසල් දරුවන් අතර පවා මත්ද්‍රව්‍ය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර එම දරුවන් කාලයත් සමඟ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ අදි මාත්‍රාවෙන් ගැනීමට හුරුවීම ඉතා බරපතළ තත්ත්වයක්. එබැවින් දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමේ වගකීම මවුපියන්ට මෙන්ම මුළු මහත් සමාජයටම පැවරී තිබෙනවා.
කල් ඉකතු වී ඇති බෙහෙත්
ඖෂධයක් කල් ඉකුත් වූ පසු එහි රසායනික ක්රියාවලියද වෙනස්වීමකට ලක්වන අතර සමහරවිට එය විස වීමටද පුළුවන්. එබැවින් කිසිදු විටෙක කල් ඉකුත් වූ ඖෂධ නොගත යුතු අතර එවැනි ඖෂධ ගැනීමෙන් කිසිදු ගුණයක් ලබා ගැනීමටද නොහැකියි.
හොඳම බෙහෙත නරකම බොහෙත වෙන හැටි
වෛද්‍ය විද්‍යාව විසින් සොයාගත් හොඳම ඖෂධ අතරට ප්‍රතිජීවක ඖෂධත් ඇතුළත්. වෛරස් ආසාදනයකදී පීතිජිවක ලබා නොදෙන අතර එය බැක්ටීරියා ආසාදනයක් දක්වා වර්ධනය වනබවට සැක සහිත නම් හෝ බැක්ටීරියා ආසාදනයකදී එය මැඩපැවැත්වීමට ප්‍රතිජිවක ඖෂධ ලබාදෙනවා.
ප්‍රතිජිවක නිතර ගැනීමෙන් සිරුරේ ඊට ප්‍රතිරෝධක ඇතිවන අතර එයින් සිදුවන්නේ නැවත රෝගී තත්ත්වයකදී ලබා දුන් විට ප්‍රතිජිවක ඖෂධ ප්‍රතිචාර නොදැක්වීමයි. එය ලොව පුරාම ඇති වී තිබෙන බරපතළ තත්ත්වයක්. මේ වනවිට ප්‍රතිජීවක ඖෂධ රැසක නිෂ්පාදනය නවතා දමා තිබෙන අතර වසර 20ක පමණ කාලයකින් නව ප්‍රතිජිවක ඖෂධයක් සොයා ගැනීමටද වෛද්‍ය පර්යේෂකයෝ කටයුතු කර නැහැ.
ප්‍රතිජිවක ඖෂධ ලබාගත යුත්තේ වෛද්‍යවරයා ලබාදෙන මාත්‍රාවට පමණක් වන අතර දින ගණනද අඩු වැඩි නොකළ යුතුයි.
අධි මාත්‍රාවෙන් ඖෂධ ගැනීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට මෙන්ම සිරුරේ අවයවවලට සිදුවන හානිය වළක්වා ගැනීමටද හැකියාව ඇත්තේ ඔබටම පමණයි.
(උදේශිකා නෙලුම්දෙනිය)