(හර්ෂණ තුෂාර සිල්වා)
ඝාතන ව්‍යවසනකාරී බවත් කිසිම විටෙක ප්‍රශ්නවලට විසඳුමක් නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝ ප්‍රකට ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වී ඇති බවත් ඔහු මාලදිවයිනේ ජනාධිපතිවරයාගෙන් ඉඟියක් ගෙන තම අදහස වෙනස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් තිබේ.
ශ්‍රී ලංකාවේ සුන්දර ජනතාවට මීට වඩා දෙයක් හිමිවිය යුතු යැයි ද ඔහු සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
සිය පළමු ට්විටර් පණිවුඩයෙන් පැය කිහිපයකට පසු තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිය රට සම්බන්ධයෙන් තෝරාගෙන ඇති හානිකර මාර්ගයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එසේ නොකළහොත් ජාත්‍යන්තර ප්‍රජාව, රටවල් සහ ව්‍යාපාර එක හා සමානව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරන බව මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රහීම් මොහොමද් සෝලී මහතා පසුගිය වසරේ දී නිවේදනය කළ අතර මාලදිවයින පසුගිය වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ දී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම අනුමත කරමින් ඡන්දය ද භාවිතා කළේය.
මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වී සිරදඬුවම් විඳිමින් සිටින සිව් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමා අත්සන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

