
(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනා පාතාල රැඳවියන්ගෙන් මරණීය තර්ජන එල්ල වී ඇති උසස් නිලධාරීන් සඳහා පූර්ණ ආරක්ෂාව ලබා දී ඇතැයි බන්ධානාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස්වරුන් වන චන්දන ඒකනායක, තුසිත උඩුවර, බුද්ධි අංශ ප්‍රධානී ප්‍රසාද් ප්‍රේමතිලක හා බූස්ස බන්ධනාගාර අධිකාරී එස්. ධම්මික යන මහත්වරුන්ට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇතැයි උපුල්දෙනිය මහතා සඳහන් කළේය.

