මන්නාරමින් ලක්ෂ 80 කේරළ ගංජා අල්ලයි


(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)

රුපියල් ලක්‍ෂ 80 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 30 ආසන්න තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු මන්නාරම් මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරමට උතුරු මුහුදේ සිදු කළ විශේෂ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 29 යි ග්‍රෑම් 800 ක් ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් බවත් එම තොගය විශාල උර දෙකක පාර්සල් 14 ක අසුරා තිබූ බවත් නාවික හමුදාව පවසයි.

සැකකරුවන් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සදහා තලෙයිමන්නාරම පොලීසිය බාරදුන් බවත් නාවික හමුදාව කියයි.