මන්නාරමටත් තල්මසකුගේ පිළිස්සුණු සිරුරක් ගොඩ ගසයි


(රොමේෂ් මධුෂංඛ)

පිලිසුම් තුවාල සහිත කුඩා තල්මසකුගේ මළ සිරුරක් මන්නාරම මුසලී  කරඩික්කුලි මුහුදු වෙරළට  ඊයේ (19) සවස ගොඩගසා තිබූ බවට ප්‍රදේශයේ ධීවරයෝ පවසති.

ධීවර කටයුතුවලට පැමිණෙන අවස්ථාවේදී අදාල තල්මසා දැක ඒ බව මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට දැනුම් දී ඇත.

අදාල තල්මසාගේ සිරුරේ බොහෝ ස්ථානවල පිලිසුම් තුවාල තිබෙන බවටත් පසුගියදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී එයට හසු වූ තල්මසෙකු බවට සැකකරුන්නෙ යැයි ප්‍රදේශවාසීන් හා ධීවරයින් පවසා සිටිති.

මේ අතර පසුගිය දින කිහිපය තුලදී මන්නාරමට හා යාපනයට මිය ගිය කැස්බෑවන් හා විශාල තල්මසෙකුගේ සිරුරක්ද ගොඩගසා තිබූ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හා රසායනික ද්‍රව්‍යන් හේතුවෙන් මෙලෙස මසුන් මිය ගොස් මුහුදු වෙරළට  ගොඩගසන බවට ධීවරයින් වැඩිදුරටත් පවසා සිටිති.