(මොහොමඩ් ආසික්)
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අද (11) පැවැති මහ සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාව රුපියල් 500 න් බැගින් වැඩිකිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 16 න් සම්මත විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය නරන උප සභාපති ඒ.එල්.එම්.රසාන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී දිල්ශාන් රූපසිංහ යන මහත්වරුන් මෙම යෝජනාවට විරුද්ධවීම නිසා මේ සඳහා ඡන්දය විමසීමට සභාපති අනුර ප්‍රනාන්දු මහතාට සිදුවිය.
පැවැත්වූ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ජන්ද 18 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද දෙකක් ලැබිණ.
ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන සහ දුරකථන දීමනාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්ද 16කින් සම්මත විය.


