තිලිණි ද සිල්වා
විශ්වාස භංගයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම සහ මන්ත්‍රීවරුන් ඇමැති ධුරවල කටයුතු කිරීම වලක්වාලන ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 03 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
මෙම පෙත්සමක් අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු අද කැඳැවිණි.
පෙත්සම් කාර පාර්ශ්වයෙන් සහ විත්ති පාර්ශ්වයෙන් අද පස්වරු 5.30 පමණ වන තෙක් කරුණු දැක්වීම් සිදු කළ අතර තවදුරටත් කරුණු දැක්වීම ලබන 03 වැනි දා තෙක් කල් තැබීමට අධිකරණ තීරණය කළේය.