මන්ත්‍රීවරු 200කට කෝවිඩ් - 19 එන්නත


සුජිත් හේවාජූලිගේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  200කට අධික පිරිසක්  කෝවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40 දෙනකු ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 800කට ආසන්න පිරිසක් ද කොවිඩ් -19 මර්ධන එන්නත ලබගෙන ගෙන ඇතැයි ද වේත්‍රධාරිවරයි කියයි.

පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 20කට අසන්න පිරිසක්  සොයා ගත් අතර එම පිරිසට  මැති ඇමැතිවරු අට දෙනෙක් ද ඇතළත් වූහ.