මන්ත්‍රීලාගේ ආරක්‍ෂාව: පොලිස්පති පාර්ලිමේන්තුවට කැදවයි?


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කතානායක ෙෙවද්‍ය  ජගත් වික්‍රමරත්න මහතාගෙන්  ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා  පවසන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි

විපක්ෂය  කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය 27 වැනිදා  සඳුදාය. කතානායකවරයා මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටී. එසේ හෙයින් මෙම ඉල්ලීම කතානායක කාර්යාලය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට  යොමු කරනු ලැබ ඇත මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ සාකච්ඡාවට  දිනයක්  දෙනු ඇතැයිද  මන්ත්‍රීවරයා පැවසීය.