මන්ත්‍රී පඩි පක්ෂවලට ගනු බෑ: යෝජනාවක් මැතිසබේට



(සුජිත් හේවාජුලිගේ )

දේශපාලන පක්ෂ  මහජන නියෝජිතයන්ගේ වැටුප් දීමනා සහ වාහන බලපත්‍ර ආදිය එම පක්ෂවල අරමුදල්වලට  බැර කර ගැනීම නතර කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී  යෝජනාවක්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මහජන නියෝජිතයන්ගේ මාසික වැටප්  දීමනා සහ වාහන බලපත්‍ර ආදිය පක්ෂ වලට ලබා ගැනීම මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය අහෝසි වන ක්‍රියාවලියක් වන හෙයින් එය ප්‍රජාතන්ත්‍රවාදයටද  අභියෝගයක් බව   යෝජනාවේ සඳහන්වේ

පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට  ඇතුළත් කරනු ලැබ ඇති මෙම යෝජනාව    ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතය.