(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.
ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා වහාම පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබූ අතර ඔහු අද (15) සවස් කාලය වනතුරුත් එහි ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ සමීපත්කමයකු තහවුරු කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භ වීමත් සමග එම කමිටු රැස්වීම මාධ්‍යයට තහනම් කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ගුණතිලක රාජපක්ෂ මහතාට චෝදනා කර සිටි අතර එහිදී දෙදෙනා අතර විවාදාත්මක තත්ත්වයක් ද ඇතිවිය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් බරපතල නොවන බවද වාර්තාවේ.

