කේ.ඩී.දේවප්‍රිය
යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම තරුණයකු අද (18) සවස වන අලියකුගේ ප‍්‍රහාරයෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
මෙම මියගිය තරුණයා දේශීය සංචාරකයින් පිරිසක් සමඟ වන සතුන් බැලීමට ගොස් තිබේ.
මොහු මන්ත‍්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව සමත්කම් දැක්වූ පුද්ගලයෙකි.
මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචි එල්. ඒ. සුසන්ත (41) හැවිරිදි තරුණයකි.
සිද්ධිය සම්බන්ධව කතරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.