මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර විමර්ශනයක්


( ජයන්ත සමරකෝන් )
බස්නාහිර හිටපු  පළාත්  සභා මන්ත්‍රී  නිමල් ආර්  පීරීස්  මහතාට රාජ්‍ය සේවා තැපැල්  සහනය වෙනුවෙන් ලබා දී තිබු මුද්දර යන්ත්‍රය අවභාවිත කිරීමේ සිද්ධිය පිළිබඳව  මධ්‍යම තැපැල් හුවමාරුවේ හෝ  තැපැල් කාර්යාල බලධාරීන් සිටීද යන්න පිළිබඳව  මේ වන විට විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරු  ගණනාවක්ම සිය තනතුරු අහිමිවීමෙන් පසු මෙම යන්ත්‍ර  ආපසු තැපැල් දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද ඒ පිළිබඳව සොයා බලමින් යන බවද  ඒ මහතා කීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය මගින් මෙම විශේෂ අභ්‍යන්තර පරීක්ෂණය සිදු කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.