මධ්‍යම අධිවේගයේ මීරිගම - කුරුණෑගල නොවැම්බර් 15 ජනතා අයිතියට


(සුජිත් හේවාජුලිගේ සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි )

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස නොවැම්බර් මස 15 වෙනිදා ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටසට ඇතුළත් වන්නේ මීරිගම සිට කුරුණෑගල දක්වාවු ප්‍රදේශයයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මෙයට මාස නවයකට පෙර නිම කිරීමට නියමිතව තිබුණද කොන්ත්‍රාත්කරුවන් ඉවත් කිරීමට සිදුවීම නිසා සිදුවූ ක්‍රියාදාමයෙන් එහි ප්‍රමාදයක් ඇතිවූ බව ඇමැතිවරයා කීවේය.