මධ්‍යම අධිවේගයෙන් නිවාසවලට හානි වූවෝ සත්‍යග්‍රහයක


(චාන්දනී දිසානායක)

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන්  හානියට ලක් වූ  නිවාස හිමියන් කුරුණෑගල නුවර ප්‍රධාන  මාර්ගයේ අධිවේගී පිවිසුම් මඟ අභියස පාලම යට අද  (27)  සත්‍යග්‍රහයක් ආරම්භ කළ හ.

ඔවුන්ගේ ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් ලැබෙන තෙක්  මෙම සත්‍යග්‍රහය පවත්වන බව ඔවුහු කීහ.

2017 වසරේ සිට රජය මඟින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී  කුරුණෑගල  පොතුහැර අතර  නයිලිය දක්වා වූ  ප්‍රදේශයේ නිවාස 650 ක්  පමණ හානි වී තිබේ.

ඒ   පිළිබඳව  පොලිසියට පැමිණිලි 248 ක් පමණ පැමිණිලි කර තිබියදීත් ඒවාට සාධාරණ විභාගයක් නොකිරීමත් පදනම් කරගෙන ඔවුහු මෙය අරඹා තිබේ.