මදුරන්කුලියේ මංගල ජෝඩුවක් ඇතුළු 28 ක් නිවසේම නිරෝධායනයට


(  එච්.චන්දන )

මදුරන්කුලිය ප්‍රදේශයේ ඇදිරි නීතිය නොතකමින් මංගල උත්සවයක් පැවැත්වූ  ස්ථානයක මංගල ජෝඩුව ඇතුළු පුද්ගලයින් 28 දෙන නිරෝධයනයට ලක් කිරීමට කටයුතු කල බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඇදිරි නීති පනවා ඇති කාලය තුළ මදුරන්කුලිය - කනමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ එම උල්ලංඝනය කරමින් මංගල උත්සවයක් පවත්වන බවට වන තොරතුරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබී තිබූ අතර , එම තොරතුරට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට යන විට එහි සිටි පිරිසක් පලා ගොස් ඇත.

පවුල් 09 කට අයත් බව කියන , මෙම ස්ථානයක රැදී සිටි පුද්ගලයින් 28 දෙනෙකුව එම නිවස තුළම නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.