
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
ආගරපතන බෝපත්තලාව රජයේ සත්ව ගොවි පොළ භූමියේ මද්දකට හසුව බරපතළ තුවාල ලබා සිටි කදුකර කොටියකු නිර්වින්දනය කර බේරාගත් බව පශු වෛද්‍යවරු පවසති.
මන්දෙන් මුදාගත් කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙම කොටියා බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ නැගෙනහිර කොටසේ සේවක නිල නිවාසවලට ඉහලින් සිර වී සිටියදි නිර්වින්දනය කර මුදා ගත්තේය.
කදුකර කොටියකු මන්දකට හසු වි සිටින බවට බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ සේවකයින් දැක ඒ බව වනජිවි නිලධාරින් වෙත දැනුම් දිමෙන් පසු වනජිවි නිලධාරිහු කදුකර කොටියා මුදාගනු ලැබුහ.
මන්දට හසු වු කදුකර කොටියා අවු 09 පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි සතකු බව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා පවසයි.






