(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
යාළ ජාතික උද්‍යානය තුළ මද කිපී සිටින ගැමුණු හස්තියා ආසන්නයෙන් ගමන් ගත් සංචාරකයන් රැගත් ජීප් රථයක පහරදීම හේතුවෙන් එම පිරිස දැඩි වෙහෙසක් දරා බොරාගත් බව යාල උද්‍යාන බාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන්ළේය.
පහර දෙන ආකාරය තවත් සංචාරක ජීප් රථයක පැමිණි සංචාරකයකු රූගත කර ඇති අතර අනතුරට ලක් වූ ජීප් රථයේ විදේශ සංචාරකයන් පස් දෙනකු හා කුඩා දරුවෙකු ද සිට ඇත.
එහිදී සංචාරකෙන් ගමන් ගත් රථයේ ආසන ඇති ස්ථානයට හොඬවැල දමා ජීප් රථය පෙරළීමට උත්සාහ කරන අවස්ථාවේ සංචාරක තරුණියක් ජීප් රථයෙන් බිමට වැටෙන ආකාරයත් එම වීඩියෝ දර්ශනවල සටහන් වී ඇතැයි උද්‍යාන භාරකරු කීය.
එම අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරා තම ජීප් රථය වේගයෙන් ඉදිරියට ගැනීමට උත්සාහ කිරීමේදී ජීප් රථයේ එල්ලී සිටි සංචාරකයන් ඇදගෙන ඉදිරියට ගොස් ඇත.
කුඩා දරුවා ජීප් රථයේ සිටියදී අනිත් සියලු දෙනා ජීප් රථයෙන් බිමට වැටී ඇති අතර එම ස්ථානයට පැමිණි පළපුරුදු රියදුරන්ගේ කෑ ගැසීම හේතුවෙන් වෙන්නට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවූ බව සිද්ධිය ඇසින් දුටු ජීප් රථ රියදුරකු සඳහන් කළේය.