(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම දෙල්ගහවත්ත නිවසක් අසලදී මතුගම - උඩවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරීයාට අද (28) තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කරන්නාගොඩ මුදලිගේ මනෝජ් කුමාර ජයතිලක 44 හැවිරිදි දෙදරු පියෙකි.
ඝාතනය කළ බව කියන හිටපු නාවික සෙබළා ඝාතනයට ලක්වූ අයගේ ඥාතියකු බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ අයගේ බිරිඳ උඩවෙල මහා විදුහලේ විදුහල්පතිනිය වන අතර ඇය දරු දෙදෙනා හා සැමියා සමඟ නිදි යහනේ සිටියදී සැකකාර නාවික සෙබළා ජනේලයක් විවෘත කර අත් බෝම්බයක් දමා ගසා ඇතැයි ද පොලිසිය පවසයි.





