
(මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ)
අත්තනෝමතික ලෙස එක බස් රථ හිමියෙකු තම බස් රථ මාර්ගවල ධාවනයේ යෙදවීම නිසා මතුගම බස්රථ හිමියන්ට ඇතිවන ගැටලුකාරී තත්වය පිළිබඳ පසුගිය 03 වැනිදා සවස මතුගම පුද්ගලික බස්නැවතුම් පලේදී දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම නිසා අද (05) මතුගම පෞද්ගලික බස් රථ ධාවකයින් සේවයෙන් ඉවත්විය.
මතුගම හොරණ 285 මාර්ගයේ බස් රථ හිමිකරුවෙකු මෙම අත්තනෝමතික ලෙස ධාවනයේ යෙදෙන බස් හිමියාගෙන් විමසන අවස්ථාවේ දෙදෙනා අතර මෙම බහින්බස් වීම දුරදිග ගොස් පිහියකින් පහර දීමක් සිදුව ඇත.
මේ වනවිට තුවාල ලැබූ ලක්මාල් ප්‍රියදර්ශන (වයස 42) බස් රථ හිමිකරු නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහරදුන් බස් හිමියා මේ වනවිටත් මතුගම පොලිසිය මගින් අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් මෙම බස් රථ වර්ජනය කල බව මතුගම බස් රථ සංගමයේ සමාජිකයෙක් පැවසීය.
මේ පිළිබඳ මතුගම පොලිසියෙන් විමසූවිට එහි මූලස්ථාන පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතා කියාසිටියේ මෙම සිද්ධිය පෙරේදා 03 සවස සිදුවී ඇති අතර මේ පිළිබඳ ඊයේ (04) සවස 04ට පමණ ප්‍රහාරයට ලක්වූ පාර්ෂවය මතුගම පොලිසිය වෙත පැමිණිලි කළ අතර ප්‍රහාරය ලක්කළ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.
මේ සම්බන්දව පුලුල් පරීක්ෂයක් ආරම්භ කර ඇති බවත්, එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පෙලිසිය කියයි.


