(සුජිත් හේවාජුලිගේ )
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී මත්පැන් අලෙවිසල් වසා දැමීමට සිදුවීමෙන් රජයට රුපියල් කෝටි දහ සය දහස් එක සියයක පාඩුවක් සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.
මේ පාඩුව සිදුවන්නේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු පසුගිය මස 20 වැනිදා සිට ලබන 13 වැනිදා දක්වා දින 23ක කාලයේදී යැයිද හෙතෙම සඳහන් කළේය.
මත්පැන් අලෙවිසල් දිනක් වසා තැබීමෙන් සිදුවන පාඩුව කෝටි 700ක් පමණ වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

