
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලියු. හියුබට් ප්‍රනාන්දු)
උතුරේ යාපනය හා ආශ්‍රිත පෙදෙස්වලින් මීගමුව නගරයට කේරල ගංජා, අයිස් හා හොරොයින් ආදි මත්ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත් බෙදාහැරීමේ නිරතව සිටි බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු හා ඔහුගේ සහායකයන් 5 දෙනෙකු රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 4 සිකුරාදා අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය කියයි.
කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක්, අයිස් ග්‍රෑම් හතරක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කෝටිපති ව්‍යාපාරිකයා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ දිවා රාත්‍රි හෝටල් ගණනාවක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් මිගමුව පෙරියමුල්ල, යාපනයේ තොන්ඩමනාරු කොන්ඩාවිල් දකුණ, ජාඇල උතුරු බටගම, හැදල මටාගොඩ, දුන්කන්නාව, සහ ලුණු විල කිරිමැටියානේ පදිංචිකරුවන්ය.
සැකකාර ව්‍යාපාරිකයා මත් ද්‍රව්‍ය තොග වශයෙන් ගෙනවිත් කොළඹ, කුරුණෑගල, මීගමුව, හලාවත, ගම්පහ, මාදම්පේ, ජාඇල ආදි පෙදෙස්වල බෙදාහැර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
යාපනයේ සිට මීගමුවට ගංජා ප්‍රවාහනය කිරීම සදහා යොදාගනු ලැබූ කැබ් රථයක් සහ මීගමුවේ සිට මත්ද්‍රව්‍ය බෙදාහැරිමට යොදා ගැනුනු ලොරියක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
කේරල ගංජා සදහා ලැබෙන ඉල්ලීම්වලට අනුව ව්‍යාපාරිකයා යාපනයට ඇණවුම් ලබාදෙන බවත් ඒ අනුව යාපනයේ සිට මිගමුව දක්වා මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කර ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත. අත්අඩංගුවට ගැණුන කැබ් රථයේ පිටුපස විශේෂයෙන් සකස්කළ රහසිගත කුටියක අසුරා ගංජා ප්‍රවාහනය කර ඇතැයිද අනාවරණය වී ඇත.
යාපනයෙන් ගෙනෙ මත්ද්‍රව්‍ය දළුපොත සිරකදවුර පාරේ පිහිටි නිවසක් වෙත ගෙන ඒමෙන් පසු එහිදී බෙදාහැර ඇතැයි හෙලිවී ඇත.
ව්‍යාපරිකයා මෙම දෙමහල් නිවස කුලී පදනම මත ලබාගෙන භාවිතා කර ඇතැයිද පොලිසිය කියයි.
එම නිවසේ සැගවී සිටි පොලිස් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය මිලට ගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනෙක් හා ඒවා ගෙන යාමට ලොරිරථයද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයාගත් දේපල පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මුදල් විසුද්ධි කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ එසේ ලබාගෙන ඇති සියලු දේපල රාජසන්තක කිරීමට කටයුතු කරන බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් රැදවුම් නියෝග යටතේ රදවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය පියවර ගෙන ඇත.


