මත්ද්‍රව්‍ය වටලන්න ගිය සුරාබදු නිලධාරීන්ට පහරදීලා


(සුමිත් පොතුපිටිය) 

මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු  නිළධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සහ මතුගම ප්‍රදේශයේ පදිංචි 30 සහ 33 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක්, මන්නා පිහියක් සහ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 5 යි මිලිග්රැම් 553 ක් ද සොයාගෙන ඇති බව පොලිසිය කීය.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.