මත්ද්‍රව්‍ය යැයි සැක පාර්සල් 100ක් වීරකැටියේ ඉඩමක


(සනත් ගමගේ)

වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ කැළයක සඟවා තිබූ  කෝපි යැයි සටහන් කර ඇති කිසියම් කුඩු වර්ගයක් ඇතුළත්   සැක කටයුතු පාර්සල් 100 ක් සොයාගෙන ඇති බව වීරකැටිය පොලීසිය කියයි.

තංගල්ල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය මගින්  වීරකැටිය අතුබොදේ ප්‍ර දේශයේ  සිදුකල සෝදිසියක දී කැළයක කොල අතු වලින් වසා  නිල් පාට පෝර කවර පහක බහා තිබී කිලෝවක  තරම් බර පැකට්  100 ක්   පොලිසිය මගින් සොයාගෙන  තිබේ.

ෙමීට පෙරද මෙම ප්‍ර දේශයේම මෙම ස්ථානයට කිලෝමීටර් 2 ක් පමන දුරින් සැකකටයතු පාර්සල් 100 ක් හමු වී ඇති බවත් එම පාර්සල් මතු කුඩු බවට තහවුුර වී ඇති බවද  ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා කීය.

මෙම සැකකකටයුතු පා්රසල ප්‍රමානද රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කිරිමට පියවර ගන්නා බවද පොලීසිය කියයි. සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැති බව පොලීසිය කියයි.