
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා තදින් පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ පියවරක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හෝ වෙනත් එවැනි විකල්ප වැඩපිළිවෙළක් කෙටි කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා රජයට යෝජනා කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වන කාල වලදී සිංගප්පූරුව මියන්මාරය ඇෆ්ඝනිස්ථානය බංගලාදේශය චීනයේ ජපානය වියට්නාමය සහ ඉන්දියාව ආදී රටවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ඒ ආකාරයට කෙටිකාලීනව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ළගදීම අහෝසි කිරීමට රජය තීරණය කර ඇති හෙයින් දැනට එම පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බරපතළ ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස්වීමේ අවදානමක් පවතින බව මහාචාර්යවරයා පැවසීය.
මේ හේතුවෙන් එම පනත අහෝසි කිරීමට පෙර බරපතළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම ඉතාම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අදාල නඩු විභාග ඉතා කඩිනම් කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමද ඉතා වැදගත් බවත් ඒ සඳහා රස පරීක්ෂක අංශ සහ අධිකරණ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම පැවසීය.
එසේ නොමැති වූවහොත් රැඳවුම් නියෝග කාලය අවසන්වී ඇප ලබාගෙන විදේශයන්ට පලා යෑමට එම අපරාධකරුවන්ට ඉඩහසර සැලසිය හැකි බව ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

