මත්ද්‍රව්‍ය ඡාවාරම්


(නිමන්ති රණසිංහ)

දෝහා කටාර් රාජ්‍යයේ සිටියදී මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමේ චෝදනාවකට රක්ෂිත භාරයේ සිටි කාලයේදී රුපියල් කෝටි 7කට අධික මුදලක් මෙරටට එවා දේපල මිලදී ගත්තැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෝටිපති ව්‍යාපාරිකයා, ඔහුගේ පියා සහ සහෝදරයා ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත්වරයා අද (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර කරනු ලැබුවේ පුත්තලම නූර් පල්ලිය පාරේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහහොමඩ් සෆාන් (26), ඔහුගේ පියා වන ඒ. ඒ. මොහම්මදු අලී (48) සහ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් සකීර් (28) නැමැති පුත්තලම නගර සභාවේ සුළු සේවකයන් දෙදෙනෙකි.

සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සදහන් කළේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම් 10 තහනම් කිරීම පිළිබදව මහාධිකරණ නියෝග ලබාගත් බවය.

මෙම සැකකරුවන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අක්කර 6ක රජයේ ඉඩමක් බලෙන් අත්පත්කරගෙන භුක්තිවිදිමින් සිටින බවට ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.