(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නැමැත්තා නීති විරෝධී මත්පෙති සහ මත්ද්‍රව්‍ය සමග ගනේමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකපිට සුඛෝපභෝගී ජීප් රථයක් යතුරුපැදියක් සහ පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමින් මිලදී ගත් බව කියන නිවාස හතරෙන් නිවාස දෙකක් බිරිඳගේ නමිනුත් තවත් නිවාස දෙකක් බිරිඳගේ පියාගේ නමිනුත් මිලදීගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී 2006 වසරේදී සිට 2015 දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ දෙමටගොඩ චමින්ද හා සරත් බණ්ඩාර නොහොත් එස් එෆ් සරත් නමැත්තා සමග බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි

