මත්තල ගුවන්තොටට වන ජීවී කාර්යාලයක්


(අංජුල මහික වීරරත්න) 

මත්තල ගුවන් තොටුපළට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර  ගුවන්තොටුපළ ආශ්‍රිතව වන සත්ව ගහණය ඉහල බැවින්  සතුන් ගුවන්තොටුපළ සීමාවට පැමිණීමෙන් හානි සිදු විය හැකි බවත් ඒ නිසා ගුවන් සමාගම් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට මැලිකමක් දක්වන බවත් අමාත්‍යංශය කියයි.

මෙම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර කැබිනට් මණ්ඩල තීරණයට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට සහ ගුවන්තොටුපළට වන සතුන්ගෙන් සිදු වන බලපෑම අවම කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී  ලෙස සාකච්ඡා කෙරිණි