මත්කුඩු පැකට් 60 ක් සමඟ දෙදෙනෙකු පොලිස් දැලේ


(ඔගස්ටින් ප්‍රනාන්දු )               

මදුරන්කුලිය කනමුලෛ ප්‍රදේශයේදී හොරෝයින් මත්කුඩු පැකට් 60 ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු  අද (21) මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා අවුරුදු 29 ත් 35 ක් අතර වයස් කාණ්ඩවල පසුවන බවත් මොවුන් කණමුලෛ හා කොළඹ ගැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි. 

සැකකරුවන් දෙදෙනා කොළඹ සිට බසයෙන් මත්කුඩු ගෙනැවිත් ත්‍රී රෝද රථයකින් කණමුලෛ ප්‍රදේශයට ගෙන යන බවට ලද තොරතුරකට අනුව  පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හෙට (22) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය.