මත් කරල් සමඟ ඖෂධවේදියා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙහිවල ගාලු පාරේ ඉන්ධන පිරවුම් හකක් අසල නිවසක් වටලා රුපියල් ලක්ෂ හයකට අධික වටිනා මත්කරල් තොගයක් සමග ඖෂධ වේදියෙක් අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී මත්කරල් 3009 ක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව  දෙහිවල පොලිසියේ පරිපාලන අංශයේ ස ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් රණවීර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන ඇමතුම් අනුව මෙම මත්කරල් තොග වශයෙන් මෙම ඖෂධ වේදියා බෙදා හැර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. 59 හැවිරිදි  සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.