මඩොල්සිම පාර අද උදේ යළි විවෘත කරයි


( නිශාන්ත කුමාර)

පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න  මාර්ගය අද (12) උදෑසන යළිත් වාහන ගමනා ගමනය සදහා විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එස් එස් හෙන්නායක මහතා පැවැසීය. 

මෙම  මාර්ගයේ 25 වන කිලෝමීටර් කණූව ආසන්න කුරුවිගොල්ල ප්‍රදේශයේ   නාය යාමකින් ඊයේ (11) සවස මාර්ගය අවහිරවිය .අවහිර වූ පස් කන්ද ඊයේ පස්වරුවේ    ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගනු ලැබීය.

පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න  මාර්ගයේ බටවත්ත ප්‍රදේශයේ ඉකුත් 27 දා සිදුවූ නාය යාමක් හේතුවෙන් එහි පාලමක් කැඩී ගිය අතර එම ස්ථානය පිළීසකර කිරීමෙන් අනතුරුව දින 14කට පසුව මෙම මාර්ගය විවෘත ඊයේ මුල්වරට සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කල මුත් ඊයේ (11)පස්වරුවේ ඇද වැටුණු වැසි සමග යළී අවහිර වී තිබිණි.