මඩකළපුව වෙරළටත් මියගිය මුහුදු සතුන්ගේ සිරුරු ගොඩ ගසයි


(ජවුෆර් ඛාන්)

මඩකළපුව කාත්තන්කුඩි කිරන්කුලම් වෙරළට මියගිය කැස්බෑවන් තිදෙනකුගේ සහ ඩොල්පින් වර්ගයේ මාළුවකුගේ සිරුරක් ගොඩ ගසා තිබියදී සොයාගත් බව වනජීවි නිලධාරි කාර්යාලය කියයි.

මෙම මාළුන් මියගියේ කුමන හේතුවක් නිසා දැයි සොයා ගැනීමට අම්පාර වනජීවි සත්ව වෛද්‍ය අංශයට යොමු කළ බව ද මඩකළපුව ප්‍රාදේශීය නිලධාරි නාගරාසා සුදේශ්කුමාර් මහතා පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු දිවයිනේ බොහෝ මුහුදු වෙරළට මියගිය කැසැබෑවුන්. තල්මසුන් ආදී මුහුදු සත්වයන්ගේ සිරුරු ගොඩ ගසා තිබියදී සොයා ගත්තේය.