මඩකළපුව-කොළඹ දුම්රිය කැන්ටිමේ කැරපොත්තන්-කුහුඹුවන්


(යොහාන් භාසුර)

මඩකලපුවේ සිට කොළඹ රාත්‍රී දුම්රිය භෝජනාගායේ තිබී පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් සොයාගත් බවත් එම ආහාර අතර කැරපොත්තන් සහ කුහුඹුවන්වල සහිත ආහාර ද තිබූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මඩකලපුවේ සිට කොළඹ බලා රාත්‍රී 8.15 ට පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරය මඩකළපුවෙන් පිටත්ව යෑමට පෙර වැටලූ බවත් භෝජනාගාරයේ කොන්ත්‍රාත්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩි දුරටත් කීය.