මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට(01) සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වික මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ අනුව, ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතෝන පාර සහ ටෙලිකොම් මාවත, පළමු හරස් පාර යන පෙදෙස් හුදකලාබවින් ඉවත් කරන බව එම මධ්‍යස්ථානය පවසයි.