IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


කෙහෙළියගේ පුත් රමිත් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ලබන 03 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.

දැනට රිමාන්ඩ් බාරයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර යන අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.

පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැකකරු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයන් බඳවා ගනිමින් ,ඔවුන්ට වැටුප් ලෙස රජයෙන් ගෙවූ මුදල් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් සිය පුද්ගලික පරිහරණයට යොදා ගනිමින්,රජයට පාඩුවක් කළැයි අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසම මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.


(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (8)

කෙහෙළියගේ පුත් රමිත් රිමාන්ඩ්

විපරමා Wednesday, 21 May 2025 04:20 PM

බීලා වෙරි වෙලා ගුවන් යානයේ දොර අරින්ඩ ගිහින් මහා විනාශයක් කරන්ඩ හැදුවා. එවකට හිටපු නිමල් සිරිපාල කිව්වේ කොලු කමට කරපු වැඩක්ලූ.

:       3       53

අරවින්ද මොණරවිල Wednesday, 21 May 2025 04:27 PM

සාමාන්‍යයෙන් තාත්තලා පුතාලට උපදෙස් දෙන්නේ හොද මිනිහෙක් වෙයන් කියලා, හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා අනුන්ට කරදරයක් වෙන්න එපා කියලා ! ඒකට මේ දේශපාලන තාත්තලා උන්ගේ පුත්තු හදලා තියෙන්නේම හොරකමට දූෂණයට හා වංචාවලට පුරුදු පුහුණු කරලා.

:       2       66

Jagath Leanage Wednesday, 21 May 2025 04:29 PM

මොහු වරක් ගුවන්යානයකින් යනකොට, එකෙ දොරට මුත්‍ර කරා වගේ මතකයක් තියෙනවා.

:       3       35

පිටිගල මිලානෝ Wednesday, 21 May 2025 05:07 PM

වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවේ නවකයින්ටත් ඉඩ ලැබීම ගැන අපගේ බලවත් සතුට ප්‍රකාශ කරනවා… ජයවේවා…!

:       2       45

fairoos Wednesday, 21 May 2025 06:06 PM

ලංකාවේ බයියන්ට හොඳයි මෙවැනි ආණ්ඩු තමයි. කෝ අපේ ගුණරත්න ගොයියා...

:       5       10

ලොකු සිරා Wednesday, 21 May 2025 06:18 PM

කෙහෙල් ඇවරියම රිමාන්ඩ් වෙයි වගේ...!

:       1       20

සංකා Wednesday, 21 May 2025 06:31 PM

මේ පුතාට හොර තාත්තාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිම වැඩක් නොකර ඉලක්කම් 5 ක වැටුපක් ලැබීම මොනතරම් වාසනාවක්? NPP බලයට පත් නොවුණා නම් මේ හිටපු හොර තක්කඩි ඇමැතියෝ මුළු රටම හොරා කාලා නැත්තටම නැති කරනවා.

:       1       27

රුවන් Wednesday, 21 May 2025 08:21 PM

SSC එකේ ක්‍රිකට් ගහන ගමන් රජයේ පඩි ගත්තේ කොහොමද? SSC, ජාතික කණ්ඩායමට ඔළුව දැම්මේ තාත්තා හින්දා තමයි.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 400 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site