(අංජුල මහික වීරරත්න)
රජය විසින් නොමිලේ දෙන මඩ පොහොර හෙවත් TSP පොහොර මෙතෙක් ලබා නොගත් සියලුම ගොවීන් අප්‍රේල් 10 ට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටී.
නැතහොත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග අප්‍රේල් 10 දාට පසුව ආපසු ප්‍රධාන ගබඩා වලට කැඳවීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මඩපොහොර පොහොර යල කන්නය සඳහා ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
TSP පොහොර හා අනෙකුත් පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසීය.
ඒ අනුව ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇති බව දැන්වීය.
මේ වනවිට ගොවිජන බලප්‍රදේශ 38ක ගොවීන්ට TSP පොහොර බෙදා හැර අවසන් කර තිබේ.
ගොවීන් 677,139 දෙනෙක් අතර මෙතෙක් නොමිලයේ බෙදා හැර ඇති TSP පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 22,644කි

