
(යොහාන් භාසුර)
"දිට්වා" සුළි කුණාටුවෙන් වූ ව්‍යසනකාරී තත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000 ක් සිටින බවත් ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් කැමති වෙනත් දිනයක ආසන ගැනීමේ හැකියාව පවතින බවත් එම මණ්ඩලයේ ආසන වෙන්කිරිමේ සේවාව සිදුකරන ආයතනය පැවසීය.
එම සුළි කුණාටුව හේතුවෙන් ගමන්වාර 1,500 ක් පමණ අවලංගු වූ බවත් 1315 අංකය හෝ 0703110506 අංකය අමතා වෙනත් දිනයක් වෙන්කරගත හැකි අතර ඒ සඳහා කිසිදු ගාස්තු අයනොකරන බවත් ආසන වෙන්කිරීමේ සේවය පවත්වන හෑන්ස් ග්ලෝබල් හෝල්ඩින්ස් සමාගමේ කාර්යභාර නිලධාරි විමල් සිරිවර්ධන පැවසීය.

