භූමිතෙල් මිල පහළට


(අංජුල මහික වීරරත්න)

භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර තිබේ.

 ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 50කින් ද (නව මිල රු. 305) කාර්මික භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 134කින් ද (නව මිල රු. 330) පහත හෙලනු ලැබේ.