රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේවනවිට රටටවල් කීපයකට සුනාමි රළ කඩා වැදී ඇත. තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
ජපාන පුවත් සේවා වාර්තා කළේ අඩි 13 ක් උස සුනාමි රළ එරට වෙරළ තීරයට කඩා වැදුණු බවය.
හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිඳෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133 කට අයත් පුද්ගලයින් ලක්ෂ 9 ක් පමණ මේ වනවිට එම ස්ථානයන්ගෙන් ඉවත් කෙරුණි.