
රුසියාවේ භූමිකම්පාවෙන් පසු ක්ලුචෙව්ස්ක්කී ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමට පටන්ගෙන ඇත.
මෙම ගිනි කන්ද පිහිටා ඇත්තේ භූමිකම්පාවේ හටගත් කම්චැට්කා අර්ධද්වීපයේ වන අතර, එය සක්‍රීය වීමට හේතු වූයේ අද (30) උදෑසන හටගත් රික්ටර් මාපකයේ 8.8 ක් සටහන් කළ භූමිකම්පාවය.
ක්ලුචෙව්ස්ක්කී ගිනි කන්ද ලෝකයේ උසම සක්‍රීය ගිනි කඳු වලින් එකක් වන අතර, එහි උස මීටර 4,750 (අඩි 15,584) කි.
1700 වසරේ සිට මෙම ගිනිකන්ද 50 වතාවකට වඩා පුපුරා ගොස් ඇත.

