(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
භික්ෂූන් වහන්සේලා තුළ ඇති අර්බුද ගැන රන්ජන් රාමනායකට හා කාදිනල් තුමාට හැර වෙන කාට කියන්න දැයි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අද (31) මිරිගම දී ප්‍රශ්න කළහ.
රට හදන්න නම් භික්ෂු සංස්ථාව හදන්න ඕනෑ භික්ෂු සංස්ථාව හදන්න පිරිවෙන් හදන්න ඕනෑ අපේ හාමුදුරුවරු ගොඩනැගිලි හදන්න ලෑස්ති උනාට පිරිවෙන් හදන්න රට හදන්න ශාසනය හදන්න ලෑස්ති නැතැයිද ධම්මරතන හිමියෝ පැවැසූහ.
මීරිගම ශාසන වර්ධන පිරිවෙනේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
අද මහා සංඝරත්නය පොළොවට බැහැලා ඇත්ත කතා කරන්න ඕන. අර්බුදය පැහැදිලිව වටහා ගන්න ඕන. කතා කළ නොහැකි ඇත්ත ලොරියක් තරම් වෙනවා. රට හදන්න බැරි එකම හේතුව කාටවත් ඕනකමක් නැතිකමයි ද උන්වහන්සේ පැවසුහ.

