භාරකාර ආණ්ඩු කතාව පට්ටපල් බොරුවක් - සන්ධාන මහලේකම්


නාලක සංජීව දහනායක
 
2020 වසර තෙක් වත්මන් ආණ්ඩුව බලයේ සිටින බැවින් භාරකාර ආණ්ඩු පිහිටුවීම පිළිබඳව පැතිර යන කතා පට්ටපල් බොරුවක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
ආණ්ඩුවක් බලයට පත්විය යුත්තේ මහජන ඡන්දයෙන් මිස කුමන්ත‍්‍රණවලින් නොවන බව කී අමාත්‍යවරයා කැමැති  ඕනෑම අයකුට ජනාධිපතිවරයා සමඟ හෝ වත්මන් ආණ්ඩුව සමඟ එක්වී කටයුතු කළ හැකි බවද කීය.
 
ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බැවින් භාරකාර ආණ්ඩු පිහිටුවීමේ සූදානමක් නැති බවත් එම කතාව කවුරුන් පැවසුවාදැයි තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.