බෝවතැන්නේ වාන් දොරටු සියල්ල විවෘත කරයි


(නාඋල ඉන්දික අරුණ කුමාර )

පවතින අධික වර්ෂාව හේතුවෙන් බොහෝ තැනන්න  ජලාශයේ වාන් දොරටු හයම අඩිය  විවෘත කළ බව ජලාශයේ කාර්යභාර  ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) පැවසීය.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමට නියමිත බවද හෙටම කියා සිටියේය.

බෝතැන්න ජලාශයෙන් මුදා හැරෙන ජලය අබන් ගග ඔස්සේ මොරගහකන්ද ජලාශයට මුදා හැරෙයි.

බෝව තැන්න ජලාශය වාන් දැමීම හේතුවෙන් අඹන පාලමද ජලයෙන් යටවී ඇති බවත්, මොරගහකන්ද ජලාශයද මේ වන විට වාන් දමමින් පවතින බවත් බුද්ධික මහතා කියා සිටියේය.

වාන් ජලය මුදා හැරෙන අඹ්න් ගග  දෙපස ජනතාවට කල්පනාකාරීව පසු වන ලෙස ද ඉල්ලීමක් කළේය.