බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා


(ජයන්ත සමරකෝන්)
 
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනය වීම සඳහා රඳවා සිටි රැඳවියන් අතරින් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීමෙන් ඔවුන් සියලු දෙනා වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව මාතර බන්ධනාගාරයේ සිදුකළ පීසිආර් පරීක්ෂණයේ දී ආසාදිත කාන්තා රැඳවියක් සොයාගෙන ඇති අතර ඇය කඹුරුගමුව කොටවිගල රෝහලට ඇතුළත් කර ඇති බව එම බන්ධනාගාරය කරයි.