බොහෝ පිරිසක් අදත් ගෑස් පෝලිම්වල


(යොහාන් භාසුර)

ජනතාව අද (1) දිනයේ ද වර්ෂාව මධ්‍යයේ ගෑස් පෝලිම්වල රැදී සිටි ආකාරය දැකගත හැකිවිය.

බොහෝ ස්ථානවලට අද පෙරවරුවේ ගෑස් තොග ලැබී නොතිබුණු අතර ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වූහ.

ගෑස් ලබාගැනීමට පෝලිම්වල සිටින ජනතාව අව්ව , වැස්ස නොතකා අඛණ්ඩව පෝලිමේ ස්ථානය රැකගෙන සිටින තත්වය නැවතත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි