බොරු මැණික්


 

(බී.ජී. චතුරංග  )

ගෙවත්තකට ඇතුළු වී, සූක්ෂම ලෙස ව්‍යාජ ලෙස සැකසූ මැණික් තොගයක් වල දමා, නිධානයක් ඇති බවට ගෙහිමියා නොමග යවා, එම ව්‍යාජ මැණික් තොගය ගොඩ ගන්නා අවස්ථාවේදී නයි නටවන්නෙකු ලවා එම නිවසට නාගයකු යැවීමට සලස්වා ගෙයිමියා සතුව තිබූ රුපියල් ලක්ෂ 29ක් වංචා සහගත ලෙස රැගෙන ගොස් ඇතැයි අනුරාධපුර කොට්ඨාස අපරාධ  විමර්ශන අංශය පවසයි.

තමන් සතුව තිබූ ටැක්ටර් රථය මීට දින කීපයකට පෙර ගලෙන්බිදුණුවැව  ප්‍රදේශයට විකුණා දැමූ බවත්, එම අවස්ථාවට පැමිණි පුද්ගලයකු පසු දිනක රාත්‍රියේ යලි නිවසට ඇතුළු වී පිස්තෝලයක් බෙල්ලට තබා මරණ බවට පවසා ලක්ෂ 29ක එම මුදල රැගෙන ගිය බවට පුද්ගලයකු පැමිණිලි කර තිබේ.

ඒම  පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර එය ව්‍යාජ පැමිණිල්ලක් බවට අනාවරණය කර ගත් බව පොලිසිය කියයි.

ඒ අනුව ට්‍රැක්ටරය විකුණන දවසේ පැමිණි පිරිසේ සිටි අයෙකු නැවත සතියකින් පමණ තම නිවසට පැමිණ,  'අම්පාරේ වෙද මහතා' නමින් ප්‍රසිද්ධ පුද්ගලයා  තමන් බවත්, වෙදකම් සහ ජෝතිෂ්‍ය වැඩ කරන බව පැවසූ බවත්,  ගෙවත්තට ඇතුළු පලමු දවසේම නිධානයක්  තිබෙන බව තමන් දැන ගත් බවත් එය ගොඩ ගැනීමට එකඟතාවයකට පැමිණ පුද පූජා පවත්වා, කැනීම් සිදු කර  ගෙවත්තේ තිබී මැණික්  පොකුරක් ගොඩට ගත් බව නිවෙස්  පොලිසියට පවසා තිබේ.

එම මැණික් තොගය කෝටි හතර හමාරක මිලකට විකිණිය හැකි බවත් ජ්‍යොතිෂ කටයුතු සිදු කර මැණික් පොකුර ගොඩට රැගෙන දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ  50ක  ගාස්තුවක් සැකකරු ඉල්ලා සිටි බව පොලිසිය  අනාවරණය කර ගෙන තිබේ. 

මැණික් පොකුර ලබා ගෙන ට්‍රැක්ටරේ විකුණූ ලක්ෂ 29ක මුදල සැකකරුට ලබා දී ඇති පැමිණිලිකරු, ඉතිරි ලක්ෂ 21ක මුදල පසුව ලබා දෙන බවට පැවසීමෙන් අනතුරුව සැකකරු  පවසා ඇත්තේ, මෙම මැණික් පොකුර නිවසේ බුදු පහන ලගින් තබන ලෙසටත් ඉතිරි මුදල ලබා ගැනීමට පැමිණ දිනයේදී මැණික් තොගයක්  රුවන්වැලි සෑය අසලට රැගෙන ගොස් එය වරු කිහිපයක් ජීවන් කර යුතු බවය.

දින ගණනාවක් බලන් සිටීමෙන් අනතුරුව සැකකරු  නැවත නොපැමිණීම හේතුවෙන් ව්‍යාජ මෙලෙස ව්‍යාජ පැමිණිල්ල සිදු කර ඇති බව පොලිසිය කියයි..