බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි


 

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

මෝටර් රථ හතරක් ජීප් රථ දෙකක් සහ තීරෝද රථ දෙකකට අලාභ සිදු වී ඇත. ඒ හේතුවෙන් බොරැල්ල කනත්ත වටරවුමේ  දැඩි රථ වාහන තදබදයක් ඇති වී ඇත.

කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි .කින්සි පෙදෙසට යන මාර්ගයේ මෙම අනතුර සිදුවී ඇත.

කඩා වැටුණු ගස කපා ඉවත් කිරීම සඳහා කොළඹ ගිනි නිවන හමුදාවේ නිලධාරීන් කොළඹ නගර සභාවේ සේවකයන් මෙන්ම පොලිස් නිලධාරීන්ට කටයුතු කරමින් සිටින බව පොලීසිය කියයි.