(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේ සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හිටපු හමුදා සෙබළෙකි.
සැකකරු සමග යතුරුපැදියක් ,අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 10710 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ජයවර්ධපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් ඒකකය මගින් දමන පොලිස් වසමේදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 2015 වශයෙන් දී යුධ හමුදා රාජකාරියෙන් පළා ගොස් ඇති පුද්ගලයෙකු බව පොලිසියකියයි.