බේකිරි නිෂ්පාදන ඉහළ යන ලකුණු


(යොහාන් භාසුර)

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඉදිරි දින කීපයේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවේ යැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් සිය නිෂ්පාදනවල විල වාහාම වැඩි කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් කර්මාන්තය රැකගැනීමට නම් ඉදිරි දිනවලදී පොඩි කෑමවල හෝ මිල වැඩි කිරීමට සිදුවන බවත් සභාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ බේකරිහිමියන්ගෙන් සියයට 30 කගේ පමණ පෝරණු භූමිතෙල් සහ ඩීසල් යන ඉන්ධන වර්ග දෙකෙන් ක්‍රියාත්මක වීම නිසා එම වර්ග දෙකේම මිල ඉහළ දැමීම බේකරිහිමියන්ට තදින්ම බලපාන බවත් වර්තමානයේ බේකරි නිෂ්පාදන ජංගම රථ වලින් බෙදාහැරීම කිරීම නිසා එම රථවලට පෙට්‍රල් අවශ්‍ය වීමෙන් මෙම ඉන්ධන මිල ඉහළ දැමීම බේකරි කර්මාන්නතයට දැඩි බලපෑමක් කරන බවත් සභාපතිවරයා කීය.