බෙහෙත් වර්ග 153ක් හොයා ගන්න නෑ


(යොහාන් භාසුර)

සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය.

ජීවිතාරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14 රට තුළ පැවතිය ද මීට පෙර බෙහෙත් වර්ග 151 ක් හිඟ වුවද එම සංඛ්‍යාව මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.